Quantcast
Channel: WARUNASAT | Sri Lankan Satellite Community Forum - All Forums
Viewing all articles
Browse latest Browse all 455

මා හිතවත් වරුණ මහතාණනි

$
0
0
වරුණ සැට් ආයතණයට ජයෙන් ජයම වේවා ජය......

මා හිතවත් වරුණ මහතාණනි ඔබතුමන් මේ කරන කටයුත්ත බොහොමත් වැදගත් කටයුත්තක් හා එය සැටලයිට් කලාවට කරන අගනා සේවාවකී මහත්මයාණෙනි ඔබතුමන්ගේ වරුණ සැට් ෆෝරමය නෙත ගැටෙන සැම මොහොතකම සැනෙකින් මා සිත 1989 1990 වැනි වකවානුවකට මා රැගෙන යාමයි .ඒ දවස්වල මෙවැනි සැටලයිට් කලාව එතරම් ජනප්‍රිය නෑ මට එදා අදවාගේ මතකයි මා සැටලයිට් කලාවට යොමුවුනේ කොහොමද කියලා මාලග තිබුනේ සියරා ටීවී එකක් මාපුරුද්දක් හැටියට කරන්නේ නිතරම ටීවී එක ටියුන් කරන එක ඒ වේලාවෙදී මාහට අහන්බෙන් වාගේ ල0කාවට ආවේනික නොවුනු වෙනස් ටීවී චනල් එකක් තිරයේ දිස්වුනා මාගේ මතකයේ හැටියට මෙට්ට්‍රෝ ටීවී එක එයින් පසු මා නිතරම මේගැන සොයන්නට උනා ඒත ඒවෙනකොට මේ සැටලයිට් කලාව ගැන දැන ගත් අය බොහොමත් අඩුයි මට මතකයි ඒ කලේ බොරැල්ලේ තිබුනා සෝනී එක එතැන තිබුනා සැටලයිට් ඇන්ටෙනා ඒකක් මම එතනට ගොස් විමසීමක් කලා ඒ තැනින් පොඩි අද්දැකීමක් ලබා ගත්තා නමුත් මාහට සැටලයිට් රිසීවරයක් හෝ ඇන්ටෙනාවක් ගැනීමට වත්කමක් තිබුනේ නෑ ඒ වෙනකොට මාතනිකඩ නිසා වෙනත් ගැටලු තිබුනේ නෑ මා රැකියාවෙන් උපයන මුදලින් එකතු කර ඇන්ලොග් (අතින් කරකවන)රිසීවරයක් සහ ( සී ) එල්.එන්.බී එකක් ගත්තා එහෙත් ඇන්ටෙනාවක් ගැනීමට මාලග මුදල් නොමැති නිසා මම කල්පනා කලා පොඩි සිමෙන්ති තාච්චියක් ඇරගෙන මේ වැඩේ බලන්න ඕනෑ කියලා ගෙදර තිබුන තාච්චියක් ඇරගෙන තාච්චියේ අන්ඩකට ඇලුමිනියම් පටියක් බැදලා (සී) එල්.එන්.බී (ඒ කලේ එල්.එන්.බී. එෆ් තිබුනේ නෑ) එක ඒකට තියලා බැදලා දවස් ගනනාවක් රෑ නිදිමරාගෙන ගෙදරින් බැනුම් අහගෙන තාච්චිය අත උඩ තියාගෙන එහාට මෙහාට කරකවනවා ඒ තාච්චියට කැපුනු පාරවල් තාමත් මගේ අත්වල තියෙනවා එකදවසක් ඔහොම කරකවන කොට එක පාරටමට ටීවී චනල් එකක් වැනි යමක් තිරයේ දිස් උනා ඇනලොග් සිග්නල් නිසා ඉතා අපැහැදිලියි කොහොම හරි චනල් එක මාහට නැරබිමට තරම් ටියුන්කර ගත්තා ( ඒසියා සැට් 3 එකේ (AsiaSat 3 at 105.5°E, Sahara TV, PTV, STAR Sports ) එදා මගේ සිතට දැනුන සතුට කියලා නිමකරන්න බෑ දුස්කරව උගත්දේ අදමට ලොකු සතුටක් දැනෙනවා තව බොහෝ කාරනා ඇත
එහෙත් වරුණ මහතාණෙනී අද එදා වාගේ නොව අද ඕනෑ තරම් දැනුම බෙදාගැනීමට ඔබ වරුණ ආයතණ සැටලට් කලාවට තෝතැන්නක් එයින් උපරිම දැනුම ලබා ගන්නා ලෙස සැටලයිට් කලාව හදාරන්නට බලාපොරොතුවන මිතුරන්ගෙන් මම ඉතා කරුණිකව ඉල්ලමි එමෙන්ම ඕනෑම ආයතණයක් දිගු කාලයක් පවත්වාගෙන යාම ඉතාමත් දුස්කර කටයුත්තක් ආර්ථික වශයෙන් හෝ වෙනත් නොයෙකුත් වැඩ කටයුතු නිසා. එහෙත් ඔබ තුමන් ඉතාමත් සැලසුම් සහගතව මේ වරුණ සැට් ෆෝරමය පවත්වා ගෙන යෑමත් ඔබ තුමන්ගේ කලමණාකරනය ඉතා ප්‍රසන්ශනීයයි තවදුරටත් කියනවානම් අප දරුවන් ළිදේ ඉන්නා ගෙම්බන් නොකොට ලෝකය දකිනට මේ කරන වැඩ පිලිවලට සහයෝගය දෙන ඔබතුමන් ඇතුලු සියලුම කළමණාකරන අ0ශයේ Thilina88, Indika Perera, Padmathilaka, podiman, gune_ayya, Colombage, Security, Eardly Kumarasiri, NerveGas, sat lanka , SANJAY HD , vels , dmmskumara ,
sarathvk මහත්මයන් ඇතුලු ආයතනට නිරන්තරයෙන් රෑදෙමින් සහය දෙන මාගේ වරුණ සැට් සියලූම මිතුරන් සිහිපත් කරන අතර මෙ භාරදුර කටයුත්ත මා මහත්සේ අගය කරන අතර මේ ආයතනය තවත් බොහෝකල් පවත්වාගෙන යැමට ඔබතුමන්ට හැකි වේවායි මා පතන්නෙමි (සැටලයිට් කලාව යනු ඉවසීම හා සන්ගමය රැදෙන කලාවකි) ඔබතුමන්ටත් වරුණ සැට් ආයතණයටත් ජයෙන් ජයම වේවා ජය......


.jpg  image.jpg (Size: 391.58 KB / Downloads: 74)

Viewing all articles
Browse latest Browse all 455

Trending Articles